සිරියාවේ තෙල් හා ගෑස් නිධි 4කට රොකට් ප්‍රහාර

පෙබ 05, 2020

    සිරියාවේ තෙල් සහ ගෑස් නිධි 4කට රොකට් ප්‍රහාර එල්ල වී ඇතැයි එරට රාජ්‍ය පුවත් සේවය වාර්තා කරයි.

    ඉන් දේපල හානි රැසක් සිදුව තිබේ. ප්‍රහාර එල්ලවීමත් සමග බොහෝ ස්ථානවල ගිනි ඇතිවිය. සිදුවූ අලාභය පිළිබඳ තවමත් තක්සේරු කර නැත. ඉබ්ලා ප්‍රදේශවයට හා හොම්ස් පලාතේ ස්ථාන කිහිපයකට රොකට් ප්‍රහාර එල්ල කෙරිණ. මෙම ප්‍රදේශවල තෙල් පිරිපහදු සහ ගෑස් බලාගාර ද පිහිටා තිබේ. මෙය රොකට් ප්‍රහාරයක් ලෙස සැක කෙරුණ ද එය ඩ්‍රෝන ප්‍රහාරයක් විය හැකි බව එරට බලධාරීන් සැක පළ කර සිටියි. මේ වන තෙක් කිසිවෙකුත් ප්‍රහාරයේ වගකීම් බාරගෙන නොමැත.

    Last modified on බදාදා, 05 පෙබරවාරි 2020 11:16

    Latest News