දිනක් ඇතුළත වැඩිම කොරෝනා මරණ පසුගිය පැය 24න්

පෙබ 04, 2020

    නව කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව අද වනවිට 427 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දිනක් ඇතුළත වැඩිම මරණ සංඛ්‍යාව පසුගිය පැය 24 තුළදී වාර්තා වූ බවයි.

    මේ අතර, කොරෝනා වෛරසයෙන් හොංකොං වැසියෙකු ද මියගිය අතර, බෙල්ජියමෙන් ද ආසාදිතයෙකු වාර්තා විය.

    ඒ අනුව කොරෝනා රෝගීන් වාර්තා වූ රටවල් ගණන ද 25දක්වා ඉහළ ගොස් ඇත.

    ආසාදිතයින් සංඛ්‍යාව ඉහළගොස් ඇත්තේ, 20,627 ක් ඉහළ ලෙසයි.

    මේ අතර හොංකොං සිට චීනය දක්වා ඇති දේශසිමා පිවිසුම් 13 කින් 10 ක් වසා දැමීමට හොංකොං බලධාරීන් ඊයේ පියවර ගනු ලැබුවේය.

    Latest News