කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 563ක්..

පෙබ 06, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 563 දක්වා ඉහළ ගොස් තිබේ. රෝගය ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 28,276ක් ලෙසින්.

    මේ අනූව, පැය කිහිපයක් තුළ කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 73කින් පමණ ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, වෛරසයෙන් සුව ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව ද 1173 දක්වා ඉහළ ගොස් තිබීම කැපී පෙනේ.

    නව කොරෝනා වෛරසය ආසාදිත ලබාලතම රෝගියා චීනයෙන් වාර්තා වී තිබේ. වූහාන් රෝහලක ඉකුත් දෙවැනිදා උපත් ලැබූ බිලිදාට ඉපදී පැය 30කට පසු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි,හඳුනාගෙන ඇත්තේ. කෙසේ වෙතත්, බිළිදා බිහි කිරීමට පෙර මව පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී නොතිබිණ. එවැනි පසුබිමක බිළිඳාට වෛරසය ආසාදනය වූ අයුරු ආනවරණය කර ගෙන නොමැති අතර ඒ සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 පෙබරවාරි 2020 12:59

    Latest News