කොරෝනා වෛරසයෙන් මරණ 427ක්..ආසාදිතයින් 20,000 ඉක්මවයි

පෙබ 05, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මරණ 427ක් වාර්තා වී තිබේ. ආසාදිතයින් සංඛ්‍යාව 20,000 ඉක්මවන බවයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

    කොරෝනා වෛරසය දිනෙන් දින පැතිරෙමින් පවතින අතර එහි වැඩි බලපෑමක් සිදුව ඇත්තේ චීනයටයි. මියගිය සංඛ්‍යාවෙන් දෙදෙනෙකු චීනයෙන් පිටත පිලිපීනයෙන් හා හොංකොංවලින් වාර්තා විය. මෙම වෛරසය කොරෝනා වෛරසය ලෙස නම් කෙරුණ ද එය වෛරස් කාණ්ඩයේ නාමයයි. වෛරසය සඳහා නිසි නමක් විද්‍යාඥයින් යෝජනා කිරීමට නියමිතව පවතින අතර එම යෙදුම නිවේදනය කිරීමට ආසන්න බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Last modified on බදාදා, 05 පෙබරවාරි 2020 07:58

    Latest News