යේමනයේ අල්කයිඩා නායකයා අමෙරිකානු ප්‍රහාරයකින් මරුට

පෙබ 07, 2020

    යේමනයේ අල්කයිඩා නායකයා අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ඝාතනය කර තිබේ.

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව කියා සිටියේය. 2015 වසරේ සිට කාසීම් අල් රේම් යේමනයේ අල්කයිඩා නායකයා ලෙස කටයුතු කර තිබේ. අමෙරිකානු ගුවන් හමුදා සිදුකළ ක්‍රියාන්විතයක දී ඔහු ඝාතනය වූ බවයි ධවල මන්දිරය කියා සිටින්නේ. යේමනයේ සිදුවු ප්‍රහාර රැසකට කාසීම් අල් රේමි සම්බන්ධ බවට සැලකෙයි. අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් හිටපු අල්කයිඩා නායකයා ඝාතනය වීමෙන් අනතුරුවයි කාසීම් අල් රේමි යේමනයේ නව අල්කයිඩා නායකයා බවට පත්ව ඇත්තේ.

    Last modified on සිකුරාදා, 07 පෙබරවාරි 2020 09:16

    Latest News