අයර්ලන්ත මැතිවරණයේ සින්ෆයින් පක්ෂය ඉදිරියෙන්

පෙබ 10, 2020

    අයර්ලන්ත මහමැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනූව එරට සින්ෆයින් පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වෙයි.

    එම පක්ෂය මේ වන විට 24.5%ක මනාප ප්‍රමාණයක් හිමි කරගෙන තිබේ. ප්‍රතිඵල ගණනය කිරීම තවදුරටත් ක්‍රියාත්මකයි. ප්‍රතිවාදී ෆියානා ෆායිල් 22.2%ක මනාව ප්‍රමාණයක් හිමි කරගෙන ඇති අතර, ෆයින් ගේල් පක්ෂයට මෙතෙක් හිමිව ඇත්තේ, සියයට 20.9ක මනාප ප්‍රමාණයක් පමණයි. කෙසේ වෙතත්, මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයට අනූව කිසිඳු පක්ෂයකට බහුතරයක් ලබා ගැනීමට හැකියාවක් නොපවතිනු ඇති.

    අයර්ලන්ත මහමැතිවරණයේ ඡන්ද විමසීම ඉකත් සෙනසුරාදා රාත්‍රී 10.00න් අවසන් විය. මැතිවරණ කොට්ඨාස 39ක ඡන්ද විමසීම පැවැත්වුණේ, පාර්ලිමේන්තුවේ ආසන 160ක් සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීමටයි. එරට පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීමට නම් ආසන 80ක බලය ලබා ගැනීමට සිදුවෙයි. කෙසේ වෙතත්, මැතිවරණයට පෙර සිටම ෆියානා ෆායිල් පක්ෂ්‍ය හා ෆයින් ගේල් පක්ෂය සඳහන් කළේ, සින්ෆයින් පක්ෂය සමග සන්ධානගතව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට තමන්ගේ කිසිදු සූදානමක් නොමැති බවයි. මැතිවරණයේ සම්පූර්ණ ප්‍රතිඵල ඉදිරියේ දී නිකුත් කරනු ඇති.

    Last modified on සදුදා, 10 පෙබරවාරි 2020 09:32

    Latest News