කොරෝනා වෛරසය හේතුවෙන් ලොව තවදුරටත් වැඩිම බලපෑමට ලක්ව ඇති රට අමෙරිකාවයි. ඉකුත් පැය 24 තුළ එරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 1,715ක්.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අමෙරිකාවේ බෝවන රෝග පිළිබඳ ඉහළතම නිලධාරියා හා විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුචි ලබා දෙන උපදෙස් පිළිගත නොහැකි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

කොරෝනා වෛරසය හේතුවෙන්, මේ වන විට ලොව පුරා ජනතාවගේ මානසික ආතතිය ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියි.

රෝනකොරෝනා වෛරසය ලෝකයෙන් කිසි දින සම්පූර්ණයෙන් තුරන් කිරීමට නොහැකි වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

කොවිඩ්-19 රෝගයේ දෙවැනි රැල්ලක් ව්‍යාප්ත වුවද ඊට බිය විය යුතු නැතැයි, චීන විද්‍යාඥයින් පවසයි.

බ්‍රිතාන්‍යය තුළ සියලු වෙළෙඳ සැල් ජුනි මස මුලදී නැවත විවෘත කිරීමට පියවර ගන්නා බව එරට ව්‍යාපාරික අමාත්‍ය ආලෝක් ෂර්මා පවසයි.

කොවිඩ්-19 රෝගයෙන් ඉහළම තර්ජනයකට ලක් වූ අමෙරිකාවේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 14 ලක්‍ෂ 8636ක්.

ලොව ලක්‍ෂ 43කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවේ.

ස්පාඤ්ඤයේ අවුරුදු 113ක් වයසැති කාන්තාවක් කොරෝනා වෛරසයෙන් සුවය ලබා තිබේ.

ඇෆ්ගනිස්තානයේ මාතෘ වාට්ටුවකට ත්‍රස්වාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින්‌ පූද්ගලයන්‌ 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්‌ව තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ හා එරට රජයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් කොවිඩ්-19 රෝගයට ගොදුරු වී ඇති බව අද ප්‍රකාශයට පත්විය.

කොවිඩ්-19 රෝග ව්‍යාප්තියට සාර්ථකන මුහුණ දෙන නවසීලන්තය ජාතික මැතිවරණ කල් නොදමන බව නිවේදනය කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්‌ ට්‍රම්ප්‌ සහ CBS‌ මාධ්‍ය ජාලයේ ජනමාධ්‍යවේදිනියක්‌ අතර ඊයේ ගැටුමක්‌ හටගෙන තිබේ.

දකුණු කොරියාවේ කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක්‌ ඇතිවීමේ අවදානමක්‌ හටගෙන ඇතැයි, විදෙස්‌ මාධ්‍ය වාර්තා කර තිබේ.

නවසීලන්තය, කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඩපැවැත්වීමට සාර්ථක ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ.

ආර්ථික අවපාතය වළක්වා ගැනීමට සවුදි අරාබිය පියවර ගෙන තිබේ.

කොවිඩ් 19 වසංගතය හමුවේ විදෙස්ගත ඉන්දියානුවන් දෙලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් යළි ඉන්දියාවට පැමිණ තිබේ.

කොවිඩි - 19 රෝගය හේතුවෙන්‌ පනවා ඇති තහංචි තවදුරටත්‌ ලිහිල්‌ කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ.

කොන්දේසි සහිත සැලැස්මක්‌ යටතේ අදියර කිහිපයකින්‌ යුතුව බ්‍රිතාන්‍යය යළි විවෘත කිරීමට සුදානම්‌ බව, අගමැති බොරිස්‌ ජොන්සන්‌ ප්‍රකාශ කරයි.

තම රට නැවත විවෘත කිරීමට ඉක්මන් නොවන බව කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ පවසයි.

Latest News