අමෙරිකාවේ පොලිස් අත්අඩංගුවේ සිටියදී කළු ජාතිකයෙකු මියයාම සම්බන්ධයෙන් අඛණ්ඩව 10 වැනි දිනටත්, අමෙරිකාව පුරා ප්‍රධාන නගර 80කට අධික සංඛ්‍යාවක උද්ඝෝෂණ පැවැත්විණ.

ආසාදිතයින් වැඩිම රටවල් අතරින් තුන්වැනි රට වන්නේ රුසියාවයි.

ඊයේ වැඩිම ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වූයේ බ්‍රසීලයෙන්.

මේ වනවිට ලොව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ, අමෙරිකාවයි

ලොවපුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව, ලක්‍ෂ 67 ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව, 393,000කට අධිකයි.

ඉන්දියාව තුළ වාර්තාවන කොරොනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට ලක්ෂ දෙක ඉක්මවා තිබේ.

අමෙරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්සේ මරණය සම්බන්ධයෙන් අද 6 වැනි දිනටත් විරෝධතා පැවැත්වෙයි.

ආසාදිත සංඛ්‍යාව දස දහස ඉක්මවූ රටවල් ගණන 54ක්. කොරෝනා මරණ සංඛ්‍යාව විසි පන් දහස ඉක්මවූ රටවල් 6ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව දහස ඉක්මවූ රටවල් සංඛ්‍යාව 28ක් වෙයි.

ලොව දෙවනුව කොරෝනා රෝගීන් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ බ්‍රසීලයයි. එරටින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව පන් ලක්ෂ විසි නව දහස ඉක්මවයි.

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 63 ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ හත් දහසකට අධිකයි.

අමෙරිකාව පුරා පුළුල් විරෝධතා අවුලුවාළු කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය, මිනීමැරුමක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

කොරොනා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා, ජුනි 1 වනදා සිට 30 දා දක්වා බලපැවැත්වෙන පරිදි, රට අවහිර කිරීමේ පස්වන අදියර ක්‍රියාත්මක කරන බව, ඉන්දියාව නිවේදනය කරයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබූ ඇතැම් සීමාවන් ලිහිල් කිරීමට සෞදි අරාබිය කටයුතු කරමින් සිටියි. ඒ අනූව, ඊයේ සිට එරට අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට අවසර හිමිව තිබේ.

නිරායුද කළු ජාතිකයෙකු, සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් මියයාමත් සමග අමෙරිකාව පුරා හට ගත් විරෝධතා 6 වැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවු මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ 73,000 ඉක්මවා ගොස් තිබේ.

කොරෝනා වෛරසය මුලින්ම වාර්තා වූයේ චීනයේ අද රෝගීන් හතර දෙනෙකු පමණක් වාර්තා විය.

ගතවූ පැය 24දී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියා කලාපය රට තුළ කොරෝනා වෛරසය ප්‍රබල ලෙස ව්‍යාප්තවීමට හේතුවක් වූ බව, අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

Latest News