නෙල්සන් මැන්ඩෙලාගේ දියණිය,සින්ඩ්සි මැන්ඩෙලා දිවියෙන් සමුගනී

ජූලි 13, 2020

    දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ, දියණිය වන සිල්ඩ්සි මැන්ඩෙලා ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මියයන විට ඇය 59 හැවිරිදි වියේ පසුවූවාය. රෝහලක ප්‍රතිකාර කරමින් සිටින අතරතුර අද උදෑසන ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    අභාවප්‍රාප්ත වූ හිටපු ජනාධිපති මැන්ඩෙලාට දරුවන් හයදෙනෙකු සිටි අතර සින්ඩ්සි ඔහුගේ දෙවැනි දියණියයි. සින්ඩ්සිගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් තවමත් දැනුම්දීමක් කර නොමැති බව සඳහන්.

    Last modified on සදුදා, 13 ජූලි 2020 16:34

    Latest News