පෝලන්ත ජනාධිපතිවරණයේ ජය අන්ද්‍රේසෙජ් ඩූඩාට

ජූලි 13, 2020

    පෝලන්ත ජනාධිපතිවරණයෙන් අන්ද්‍රේසෙජ් ඩූඩා ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

    පෝලන්ත ජනාධිපතිවරණය පැවැත්වුණේ ඊයේ දිනයේයි.

    මෙම මැතිවරණය දේශපාලනය සම්බන්ධයෙන් ඉතා වැදගත් බලපෑමක් එල්ල කරනු ඇති බවයි විචාරකයන් සඳහන් කරන්නේ.

    යුරෝපා සංගමය සමග පෝලන්තය තවදුරටත් කටයුතු කරන්නේ ද යන්න මෙහිදී තීරණය කෙරෙනු ඇති.

    ජනාධිපතිවරණයේ ප්‍රධාන තරගකරුවන් දෙදෙනා ලෙස අන්ද්‍රේජ් ඩූඩා හා රෆාල් තරසස්කොව්ස්කි සටන් වැදිණ.

    ඔවුන් දෙදෙනා අතර, ඉතා තියුණු සටනක් පැවති බවයි, එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.

    ඩුඩා සියයට 50 දශම 4 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බව සඳහන්.

    ඔහුගේ ප්‍රතිවාදී රෆාල් තරසස්කොව්ස්කි හට ලබා ගැනීමට හැකිව ඇත්තේ, සියයට 49 දශම 6 ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

    Last modified on සදුදා, 13 ජූලි 2020 13:10

    Latest News