ලෝ ප්‍රකට පුද්ගලයින්ට හැකර් ප්‍රහාරයක්

ජූලි 16, 2020

    ලෝ ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට දැවන්ත හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    Cryptocurrency වංචාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙලෙස අදාළ පුද්ගලයින්ගේ ට්විටර් ගිණුම් යොදා ගනිමින් එම හැකර් ප්‍රහාරය එල්ලවී ඇති බවයි ට්විටර් සමාගම සඳහන් කරන්නේ.

    අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා, ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්, බිල් ගේට්ස් සහ ඉලෝන් මස්ක් යන කෝටිපතියන් ඇතුළු ලෝ ප්‍රකට චරිත රැසක් ඒ අතර වන බවයි, වාර්තා වන්නේ.

    එල්ලවී ඇති හැකර් ප්‍රහාරය සාමාන්‍ය අතට පත් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි, ට්විටර් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

    Latest News