පැය 24ට ආසාදිතයන් දෙලක්ෂ තිස් දහස ඉක්මවයි

ජූලි 13, 2020

    ඉකුත් පැය 24 තුල ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයන් දෙලක්ෂ තිස් දහස් 370 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    එය දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බවයි, වාර්තා වන්නේ. මේ අතර, අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් ද ඉකුත් පැය 24 තුළ අලුතින් ආසාදිතයන් පහළොස් දහස් 299 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනූව, මීට පෙර දිනක් තුළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ලෙස දෙලක්ෂ විසිඅට දහස් එකසිය දෙදෙනකු හඳුනා ගනු ලැබුවේ ඉකුත් 10 වැනි දිනයි. 

    Last modified on සදුදා, 13 ජූලි 2020 12:14

    Latest News