තවමත් කොරෝනා වැඩිම බලපෑම ලොව සුපිරි බලවතාට

ජූලි 13, 2020

    කොරෝනා වෛරසයෙන් ලොව තවමත් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ, සුපිරි බලවතා වන අමෙරිකාවයි. 

    ඉකුත් පැය 24 තුල එරටින් අලුතින් හඳුනා ගැනුණු ආසාදිතයන් සංඛ්‍යාව පනස් අට දහස් 349 දෙනෙක්.  ඉන් හතරෙන් - එකක ප්‍රමාණයක් වාර්තා වූයේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන්.

    අමෙරිකානු ජනගහනයෙන් සියයට 7ක ප්‍රමාණයක් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජීවත් වෙයි. විශ්ලේෂකයන් පවසන්නේ, ෆ්ලොරිඩා ප්‍රාන්තය තනි රාජ්‍යයක් වූයේ නම්, එහි දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඉකුත් පැය 24 තුල ලොව සිව්වනුවට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ලෙස සැලකිය හැකි බවයි.

    Last modified on සදුදා, 13 ජූලි 2020 12:19

    Latest News