මත්පැන් අලෙවිය යළි තහනම් කෙරුණ දකුණු අප්‍රිකාව

ජූලි 13, 2020

    නව කොරෝනා ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් දකුණු අපි‍්‍රකාවේ මත්පැන් අලෙවිය යළි තහනම් කර ඇත.

    ඒ, එරට ජනාධිපති සිරිල් රම්පෝසාගේ නියෝගයකට අනුවයි.

    මත්පැන් පානයෙන් පසු හටගන්නා පුද්ගල ගැටුම් අවම කිරීම, ගෘහස්ථ හිංසනය අවම කිරීම සහ සති අන්ත මත්පැන් සාද නැවැත්වීම එහි මූලික අරමුණු වනවා.

    මේ වසර තුළ දෙවන වරටත් දකුණු අපි‍්‍රකාව තුළ එලෙස මත්පැන් සඳහා තහනමක් පැනවුණේ, පළමු වරට පැවති මාස තුනක මත්පැන් තහනම ඉවත් කර සති කිහිපයකට පසුවයි.

    පළමු වරට මත්පැන් තහනම පනවා තිබූ කාල සීමාවේදී නව්‍ය කොරෝනා ආසාදිතයින්ගේ හදිසි වාර්තාවීම් ඉතා අවම මට්ටමක පැවති බවට වෛද්‍යවරුන් ප‍්‍රකාශ කිරීම හේතුවෙන් දකුණු අපි‍්‍රකානු ජනාධිපතිවරයා මෙම පියවර ගෙන තිබෙනවා.

    දකුණු අපි‍්‍රකාවට පනවා ඇති හදිසි තත්ත්වය අගෝස්තු 15 දක්වා දීර්ඝ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

    Latest News