ජපන් ආක්‍රමණයට සහ ෆැසිස්ට්වාදී ලෝක යුද්ධයට එරෙහි චීන මහජන යුද ජයග්‍රහණයේ 77 වැනි සංවත්සරය සැමරේ.
බටහිර කොලොම්බියාවේ සිදු වූ පිපිරීමක් හේතුවෙන්, පොලිස් නිලධාරීන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පකිස්තානයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,200 ඉක්මවා ගොස් ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උතුරු කැලිෆෝනියාවේ ප්‍රදේශ ගණනාවකට ලැව් ගින්නකින් බලපෑම් එල්ල වී තිබෙනවා.
රුසියාවේ සිට ජර්මනිය වෙත සපයන නෝඩ් ස්ට්‍රිම් ගෑස් නල මාර්ගය සැලසුම් කළ පරිදි අද (03) සිට නැවත විවෘත නොකරන බව රුසියානු රාජ්‍ය බලශක්ති සමාගමක් වන ගෑස්ප්රෝම් සමාගම පවසනවා.
බටහිර ඇෆ්ගනිස්ථානයේ "හෙරාත්" නගරයේ මුස්ලිම් පල්ලියක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉහළ පෙළේ තලේබාන් හිතවාදී විද්වතෙක් සහ සිවිල් වැසියන් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා
"ආටෙමිස් වන්" රොකොට්ටුව අද අභ්‍යාවකාශ ගත කරන බව නාසා ආයතනය පවසනවා.
චීනයේ ෂෙන්චෞ 14 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථකව වෙන්ටියැන් පර්යේෂණාත්මක මොඩියුලයෙන් පිටත ක්‍රියාකාරකම්වල නිරතවෙති.
මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකී හට බරපතල වැඩ සටහිතව තවත් වසර තුනක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
ඉදිරි මාස කිහිපය තුළ බලශක්ති මිල තවදුරටත් ඉහළ යාම හේතුවෙන් යුරෝපා රටවල සිවිල් ජනතා නොසන්සුන්තාවක් හට ගැනීමේ අවදානමක් පවතින බව, ආර්ථික විශේෂඥයින් පවසනවා.
ඉන්දියාව විසින් දේශීයව නිපදවන ලද ගුවන් යානා ප්‍රවාහන පළමු නෞකාව, අද දියත් කිරීමට නියමිතයි.
යුක්රේනයේ සැපොරීෂියා න්‍යෂ්ටික බලාගාරය, එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික කටයුතු පිළිබඳ ඒජන්සියේ නියෝජිතයින්ගේ නිරීක්ෂණයට ලක් වුණා.
චීනයේ කොරෝනා වෛරස ව්‍යප්තිය මැඩලීම සඳහා "ශුන්‍ය - කොවිඩ් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක බව, එරට බලධාරීන් පවසනවා.
1996 වසරින් පසු අමෙරිකානු පුරවැසියන්ගේ ආයු අපේක්ෂා දර්ශකය, වාර්තා ගත ලෙස පහත වැටී තිබෙනවා. සෞඛ්යන අංශ පෙන්වාදී ඇත්තේ, කොරෝනා වෛරසයේ බලපෑම ඊට ප්රරධාන වශයෙන් හේතු වී ඇති බවයි.
කුඩා සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා ගිය ලාබාලතම තැනැත්තා ලෙස, ගිනස් වාර්තාවක් පිහිටුවීමට මැක් රදර් ෆර්ඩ් සමත් වී තිබෙනවා.
මිලියන 6 ක ජනතාවක් සාගින්නෙන් පෙළීමේ අවදානමක සිටින බවට අනතුරු අඟවමින් ඇෆ්ගනිස්ථානයේ සංවර්ධනය සඳහා අරමුදල් නැවතත් ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ උප ලේකම් පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා තිබෙනවා.
යුක්රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි තම ජීවිතාරක්ෂාව සඳහා පලා යන ලෙස රුසියානු හමුදා සොල්දාදුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන මිකායල් ගොර්බචෝව් මියගොස් තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 91 ක්. ගෝලීය දේශපාලන විචාරකයන් පවසන්නේ, ඔහුගේ මරණය, යුගයක අවසානය සනිටුහන් කිරීමක් බවයි.
චීනයේ ප්‍රමුඛතම සමාජ ජාල යෙදවුමක් වන "දෝයින්" තුළට ශ්‍රී ලංකාවේ ජාතික නිල මණ්ඩපය ඇතුළත් කෙරේ.
ගංවතුර හේතුවෙන් මේ වන විට පකිස්තාන භූමියෙන් තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම යටවී තිබෙනවා. දශක ගණනාවකට පසු එරටට බලපෑ දරුණුතම ගංවතුර මෙයයි.