පුටින් ඒකාධිපතියෙකු බවට අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි....

අප්‍රේ 13, 2022

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් යුක්‍රේනය තුළ ජන සංහාරයක් සිකුරණ බව, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

    එසේම, පුටින් ඒකාධිපතියෙකු බවට අමෙරිකානු ජනාධිපතිවරයා පළමුවරට ප්‍රකාශකර ඇති බවයි, විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඉකුත් පෙබරවාරි 24වනදා ඇරඹි රුසියා - යුක්‍රේන යුද්ධයේ 49වැනි දිනය අදයි (13). රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේනයේ දැවැන්ත විනාශයක් සිදුකරමින් සිටින බවයි, අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

    ඊට නිසැකවම වන්දි ගෙවීමට පූටින්ට සිදුවන බව බයිඩන් ප්‍රකාශ කරනවා. රුසියාවට තවදුරටත් සම්බාධක පැනවීමට ක්‍රියාකරන බවටද ඔහු ප්‍රකාශ කරනවා. යුක්‍රේන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය අගයමින් බයිඩන් කියා සිටියේ ඔහු සැබෑ නායකයෙකු බවයි.

    මේ අතර, රුසියාව, මරියුපෝල් නගරය ආක්‍රමණයකල දා සිට මේ දක්වා 21,000ක පමණ පිරිසක් ගැටුම්වලින් මියගොස් ඇති බව, එහි නගරාධිපතිවරයා පවසා ඇත.

    Latest News