රුසියානු ප්‍රහාරක නෞකාවක් විනාශ කෙරේ...

අප්‍රේ 14, 2022

    රුසියාවට අයත් ප්‍රහාරක නෞකාවක් තම මිසයිල භාවිත කරමින් කළු මුහුදේදී විනාශ කළ බව, යුක්‍රේන බලධාරීන් පවසනවා.

    රුසියානු බලධාරීන් කියා සිටියේ නෞකාවේ ඇති වූ ගින්නක් හේතුවෙන් එහි තිබූ පතරොම් පිපිරි ගිය බවයි. එමගින් නෞකාවට බරපතල හානි සිදුව ඇතැයි රුසියානු බලධාරීන් සඳහන් කළා.

    යුක්‍රේනයේ බලධාරීන් පවසන්නේ, “නෙප්චූන්“ නමැති කෘස් වර්ගයේ මිසයිල් මෙම නෞකාවට පහරදීමට යොදාගත් බවයි. නෞකාව මුහුදුබත් වී ඇතැයි සඳහන්. එහෙත් රුසියානු බලධාරීන් එය ප්‍රතික්ෂේප කළා. “මොස්ක්වා“ නමින් හැඳින්වෙන ප්‍රහාරක ගණයට අයත්වන මෙම නෞකාව, කළු මුහුදේ ඇති රුසියානු නාවික බලඇණියේ ප්‍රධානතම නෞකාවයි. නෞකාවේ කාර්ය මණ්ඩලය සුරක්ෂිතව ඉවත් කර ගැනුණා.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 අප්‍රේල් 2022 17:26

    Latest News