මාස 6ක කාලයක් අභ්‍යවකාශයේ ගත කළ චීන ගගනගාමීන් නැවත පෘතුවියට... ALJAZEERA

මාස 6ක කාලයක් අභ්‍යවකාශයේ ගත කළ චීන ගගනගාමීන් නැවත පෘතුවියට...

අප්‍රේ 16, 2022

    චීන ගගනගාමීන් පිරිසක් මාස 6ක කාලයක් අභ්‍යවකාශයේ ගත කිරීමෙන් අනතුරුව, නැවත පෘතුවියට පැමිණ තිබෙනවා.

    තිදෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය දින 183ක් අභ්‍යවකාශයේ රැඳී සිටීම චීන ගගනගාමීන් විසින් මෙතෙක් කරන ලද දීර්ඝතම මෙහෙයුම ලෙසයි සැලකෙන්නේ. අභ්‍යවකාශයේ දීර්ඝතම කාලයක් ගත කළ චීන ගගනගාමීන් තිදෙනා අතරට කාන්තාවක්ද ඇතුළත්.

    ඔවුන් චීන ටියන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ මෙලෙස දින 183ක් ගත කර තිබෙනවා. බෙයිජින් වේලාවෙන් සෙනසුරාදා උදේ 10.00ට කුඩා කැප්සියුලයක් ආධාරයෙන් ආරක්ෂිතව පෘතුවියට ගොඩබැස ඇති බවයි, වාර්තා වන්නේ. ඔවුන් පෘතුවියට පැමිණියේ චීනය අභ්‍යවකාශ ක්‍ෂේත්‍රයේ ලෝක බලවතුන් බවට පත්වන බව, තහවුරු කරමින් බව චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    Latest News