බ්‍රිතාන්‍ය අගමැතිට සහ නිලධාරීන්ට රුසියාවට ඇතුලුවීම තහනම්....

අප්‍රේ 17, 2022

    රුසියානු රජය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට සහ එරට නිලධාරීන් රැසකට රුසියාව වෙත ඇතුලුවීම තහනම් කර තිබෙනවා.

    රුසියානු බලධාරීන් පවසන්නේ, එක්සත් රාජධානිය විසින් පනවනු ලැබ ඇති සම්බාධකවලට ප්‍රතිචාරයක් ලෙස මේ පියවර ගත් බවයි. රුසියානු රජය, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහා ද ඉකුත් මාර්තු මාසයේදී මෙවැනිම තහනමක් පැනවීමට ක්‍රියා කළා. එක්සත් ජනපදය ඇතුළු සහචරයින් යුක්‍රේනයට ආයුධ සැපයීම අඛණ්ඩව සිදු කරගෙන ගියහොත්, අත්විය හැකි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් මොස්කව් බලධාරීන් නිල වශයෙන් අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබෙනවා.

    Latest News