පිලිපීනයේ “මෙගී“ සුළි කුණාටුවෙන් 170කට ආසන්න පිරිසක් මරුට...

අප්‍රේ 17, 2022

    පිලිපීනයට පසුගියදා බලපෑ මෙගී සුළි කුණාටුව හේතුවෙන් එරට බොහෝ ප්‍රදේශවල නායයාම් සහ ගංවතුර තත්වයක් වාර්තා වනවා.

    මේ වනවිට 170කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්. මෙගී සුළි කුණාටුවෙන් පිලිපීනයේ මිලියන 1.9ක පමණ පිරිසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. නාය අනතුරු සහ ගංවතුර හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව අද වනවිට 110 දක්වා ඉහළ ගොසින්. මධ්‍යම ලෙයිට් පළාතේ බේබෙ නගරයට සහ එහි තදාසන්න ගම්බද ප්‍රදේශවලට ගංවතුරින් දැඩි අලාබහානි සිදුව තිබෙනවා.

    පිලාර් ප්‍රදේශයේ නිවාසවලින් 80%ක් පමණ මුහුදට ගසාගෙන ගොස් ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සහන කණ්ඩායම් පවසන්නේ, විපතට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම්වලට පවතින තත්වය හමුවේ බාධා රැසක් එල්ල වී ඇති බවයි.

    Latest News