ජපානය විකිරණශීලී අපද්‍රව්‍ය මුහුදට මුදාහැරීමට සැරසෙයි....

අප්‍රේ 16, 2022

    ජපාන රජය ෆුකුෂිමා බලාගාරයේ විකිරණශීලී අපද්‍රව්‍ය මුහුදට මුදාහැරීම සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඊට දැඩි විරෝධතාවක් එල්ලවී ඇති බවයි. ජපාන නිලධාරින් තීරණය කර ඇත්තේ, 2011 වසරේදී එරටට බලපෑ "ටොහෝකු" භූ කම්පනය හා සුනාමි තත්වය හේතුවෙන්, දැඩි හානියට ලක්වූ ෆුකුෂිමා බලාගාරයේ විකිරණශීලී අපද්‍රව්‍ය සාගරයට මුදා හැරීමටයි.

    එලෙස මුදාහැරීමෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බවට ඔවුන් පෙන්වා දෙනවා. විකිරණශීලී ද්‍රව්‍යවල අඩංගු විකිරණශීලීතාව හැකිතාක් අවම කර සාගරයට මුදහැරීමට සැලසුම් කර තිබුණද,  එම යෝජනාව ජපානය තුළ දැඩි මතභේදයට තුඩු දී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ,  එවැනි ක්‍රියාවකින් ජනතාවට සහ පරිසර පද්ධතියට සිදුවන දැඩි හානිකර තත්වය හේතුවෙන් විරෝධතා රැල්ලක් හටගෙන ඇති බවයි.

    Latest News