යුක්‍රේනයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවීමේ සැකයක්... DW

යුක්‍රේනයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවීමේ සැකයක්...

අප්‍රේ 16, 2022

    එක්සත් ජනපදය ඇතුළු සහචරයින් යුක්‍රේනයට ආයුධ සැපයීම අඛණ්ඩව සිදුකරගෙන ගියහොත්, අත්විය හැකි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් මොස්කව් බලධාරින් නිල වශයෙන් අනතුරු අඟවා තිබෙනවා.

    යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි පවසන්නේ, රුසියාව එරට ඉලක්ක කර න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ලෝකයම අවධියෙන් සිටිය යුතු බවයි. අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රෙිලියාව වැනි රටවල් යුක්‍රේනයට මුදල් හා යුද ආධාර දිගින් දිගටම සැපය‍ීමට කටයුතු කර ඇත.

    රුසියානු ජනාධිපති මීට පෙර අවස්ථා කිහිපයකදීම ඒ සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණි. යුරෝපා සංවිධානය පෙන්වා දී තිබුණේ, මෙම ගැටළුව යුද්ධයකින්ම අවසන් කළ යුතු බවකි. තවමත් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය හිමිවී නොමැති යුක්‍රේනයට තනිව සටන් කිරීමට සිදුව ඇති බැවින්, ඊට අවශ්‍ය මානුෂීය ආධාර ලෙස අමෙරිකාව ඇතුළු බටහිර රටවල් හා යුරෝපානු රටවල් සිය දායකත්වය සැපයීමට පියවර ගෙන තිබුණා.

    Latest News