දකුණු කොරියාවේ උද්ධමනය ඉහළට

ජූලි 13, 2022

    ‍‍‍දකුණු කොරියාවේ උද්ධමනය වාර්තා  ගත ලෙස ඉහළ යමින් පවතිනවා. මේ හේතුවෙන් එරට මහ බැංකුව සිය පොලී අනුපාත ඉහළ දැමීමට ක්‍රියා කර ඇති බවයි, වාර්තා වන්නේ. වසර 24 ක් තුළ එරට උද්ධමනය ශීඝ්‍රයෙන්ම සිදුවන  අවධිය මෙය බව, ආර්ථික විශ්ලේෂකයන්  පවසනවා.

    ආසියාවේ සිව් වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේ දකුණු කොරියාවයි. කෙසේ  වුවද, එරට දැඩි උද්ධමන තත්වයකින් බලපෑමට ලක්ව සිටිනවා. එම නිසා රට තුළ පොලී අනුපාත සියයට 2.25 දක්වා ඉහළ නැංවීමට දකුණු කොරියානු මහ බැංකුව අද ක්‍රියා කළා.

    1999 වසරෙන්  පසු එර‍ට වැඩිම අගයකින් පොලී අනුපාත ඉහළ දැමීමක්, සිදු කෙරුණු පළමු අවස්ථාව මෙයයි.

    කොවිඩ් වෛරස ව්‍යාප්තියෙන් ඇති වූ බලපෑම, රුසියා - යුක්‍රේන යුද්ධය සහ තවත් ගෝලීය අර්බුද රැසක් දකුණු කොරියාවට ද ආර්ථික වශයෙන් දැඩි බලපෑමක් ඇති කරමින් පවතිනවා. කැනඩාව, නවසීලන්තය සහ අමෙරිකාවද,  සිය පොලී අනුපාත ඉහළ දැමීමට ක්‍රියා  කළේ එවැනි පසුබිමකයි.

    Last modified on බදාදා, 13 ජූලි 2022 17:06

    Latest News