යුරෝපයේ දිගම දුම්රිය පාලම විවර වෙයි

දෙසැ 24, 2019

    යුරෝපයේ දිගම දුම්රිය පාලම ඊයේ විවෘත කෙරිණ. ඒ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන්. පාලම රුසියාවේ සිට ක්‍රිමියානු අර්ධද්වීපය දක්වා දිවෙයි.

    එහි දිග කිලෝ මීටර 19ක්. මීට සමාන්තරව ඇති වාහන ගමනා ගමනය සඳහා පාලම පසුගිය වසරේ මැයි මාසයේ දී විවෘත කෙරිණ. දුම්රිය පාලම විවෘත කරමින් පළමු මගියා ලෙස ජනාධිපති වැල්දිමීර් පුටින් එක්විය. මෙමගින් 2020 වසරේ දී මගීන් මිලියන 14ක් සහ බඩු භාණ්ඩ ටොන් මිලියන 13ක් ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන බවයි, ජනාධිපති පුටින් මෙම අවස්ථාව එක්වෙමින් කියා සිටියේ.

     

     

    Last modified on අඟහරුවාදා, 24 දෙසැම්බර් 2019 14:18

    Latest News