පොදු සමා කාලය තුළ ගිනි අවි පොලිසියට

දෙසැ 22, 2019

    පොදු සමා කාලය තුළ පනස් හය දහසකට අධික ගිනි අවි සංඛ්‍යාවක් බාරදී ඇති බව, නවසීලන්ත පොලිසිය පවසයි.

    අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි තහනම් කෙරුණේ, ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන ඉලක්කර එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුවයි. ගිනි අවි බාරදීම සඳහා මාස 6ක සහන කාලයක් ප්‍රකාශයට පත් කෙරුණේ ඉකුත් අප්‍රේල් මසදී. එම කාලය තුළ මෙම ගිනි අවි පොලිසියට බාර දී තිබේ. ගිනි අවි බාරදීමේදී එහි මිලෙන් 95%ක් අයිතිකරුවන්ට ගෙවීමට පියවර ද ගැණින. මෙම වැඩසටහන නිමාවට පත්වූයේ ඉකුත් දෙසැම්බර් මස 20 වැනිදා. වැඩසටහන සාර්ථක වූ බව නවසීලන්ත පොලිසිය පවසයි. ඉකුත් මාර්තු 15 වැනි දින සිදුවූ සමූහ වෙඩි තැබීමෙන් අනතුරුව නවසීලන්තයේ ගිනි අවි නීති සංශෝධනය කෙරිණ.

    Latest News