කැලිෆෝනියාවේ ප්‍රබල ලැව් ගින්නට හේතුව විදුලි රැහනක්

ඔක් 26, 2019

    උතුරු කැලිෆෝනියාවේ ප්‍රබල ලැව්ගින්නට හේතුවී ඇත්තේ, අසළ පිහිටි විදුලි රැහැනකට හානි වීමෙන් බව, වාර්තා වෙයි. ගින්නෙන් පවුල් 50,000ක් පමණ සිය නිවෙස්වලින් ඉවත් කර තිබෙන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    වේගයෙන් පැතිර යන ලැව්ගින්න, ඇතිවීමට හේතුවී ඇත්තේ ගින්න ආරම්භ වූ ස්ථානයේ පිහිටි අධි වෝල්ටීයතා කුළුණක සිදු වූ දෝශයක් බව, ප්‍රදේශයේ විදුලිබල සමාගමක් පවසයි. ප්‍රදේශයේ පවතින ප්‍රබල සුළං හේතුවෙන් ගින්න පැතිරයාමේ ප්‍රවනතාවය සලකා බලා, ලොස් ඇන්ජලීස් සහ සොනෝමා ප්‍රාන්තවල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

    ගින්න පිළිබඳ තවමත් කරුණු විමර්ශනය වන අතර, දැනට ගින්නෙන් අවම වශයෙන් නිවාස 21ක් විනාශ වී ඇති බව, කැලිෆෝනියාවේ ගිනි නිවීමේ ඒකකය විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.

    Last modified on සෙනසුරාදා, 26 ඔක්තෝබර් 2019 11:48

    Latest News