චිලී විරෝධතා නිසා 15ක් මරුට

ඔක් 23, 2019

    චිලී රාජ්‍යයේ විරෝධතා හේතුවෙන් 15 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. ජනාධිපති සෙබස්තියන් පිනෙරා පවසන්නේ, ගැටලු පිළිබඳ එකඟතාවකට පැමිණීම සඳහා විරුද්ධ පක්ෂ නායකයින් මුණගැසීමට තමන් සූදානම් බවයි.

    ඇතැම් විරෝධතා සාමකාමීව පැවැත්වූවද, බොහොමයක් කොල්ලකෑම් සහ ගිනි තැබීම්වලින් සමන්විත බව වාර්තා වෙයි. ජීවන වියදම් ඉහළයාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක් හටගෙන ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්. ඒ ඉකුත් සිකුරාදා සිටයි. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට සිදුව තිබේ. සන්තියාගෝ අගනුවර ආශ්‍රිත පොදු දේපළවලට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි, වාර්තා වන්නේ.

     

     

    Last modified on බදාදා, 23 ඔක්තෝබර් 2019 11:40

    Latest News