ඩෝරියන් 5කට මරු කැඳවයි

සැප් 03, 2019

    "ඩෝරියන්" සුළි කුණාටුව හේතුවෙන් බහමාස්හි පුද්ගලයින් 5 දෙනෙක් මියගොස් තිබේ.

    සුළි කුණාටුවෙන් නිවාස දහතුන් දහසකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශවී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සුළි කුණාටුව පැයට කිලෝ මීටර 258ක වේගයෙන් හමාගොස් ඇති බවයි, එරට කාලගුණ අංශ නිවේදනය කරන්නේ. අතිශය වියරු මට්ටමේ පවතින පස්වන ඝණයේ සුළි කුණාටුවක් ලෙස ඩෝරියන් බහමාස් රාජ්‍යයට ඇතුළු වී තිබේ.

    එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසන්නේ, මෙය මෑත කාලයේ ඇතිවූ අනෙකුත් සුළි කුණාටු අභිබවමින් නව වාර්තාවක් ඇතිකර ඇති බවයි. කුණාටුව හේතුවෙන් බහමාස්හි ප්‍රදේශ රැසකට ගංවතුර හා නායයෑම් වාර්තා විය. ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හැර අනෙකුත් ගුවන් තොටුපොළවල් වසා දැමීමට පියවර ගෙන තිබේ.

     

     

    Last modified on අඟහරුවාදා, 03 සැප්තැම්බර් 2019 11:01

    Latest News