අමෙරිකානු භටයින් 5,400ක් ඇෆ්ගනිස්ථානයෙන් ඉවතට

සැප් 03, 2019

    ඇෆ්ගනිස්ථානයේ සිටින අමෙරිකානු හමුදා භටයින් 5,400ක් ඉදිරි සති 20ක කාලය තුළ ඉවත්කර ගැනීමට අමෙරිකාව සූදානම් වෙයි.

    තලේබාන් සංවිධානය සමඟ ඇති කරගත් ගිවිසුමකට අනූව මෙම හමුදා ඉවත් කිරීම සිදුකිරීමට නියමිතයි. මෙම තීරණයට තවමත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවසරය ලැබී නැත. තලේබාන් සංවිධානය මේ වන විට ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ රැසක් පාලනය කරයි. මෙම ගිවිසුමට අනූව තලේබාන් සංවිධානය අමෙරිකානු හා අමෙරිකානු හිතවාදී පාර්ශවයන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇෆ්ගනිස්ථානය භාවිත නොකිරීමට ගිවිසගෙන තිබේ.

    මේ වන විට අමෙරිකානු හමුදා භටයින් දාහතර දහසක් පමණ ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටියි. අනෙකුත් හමුදා භටයින් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්කර ගැනීම ඉදිරි තත්වයන් මත සළකා තීරණය කරන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Last modified on අඟහරුවාදා, 03 සැප්තැම්බර් 2019 10:03

    Latest News