ඉන්දියාවෙන් එන නව බලවේගය

නොවැ 15, 2018

    ඉන්දියාවේ නිෂ්පාදිත නවීන පහසුකම් සහිත බලවේග කට්ටලවලින් පළමු කට්ටලය ඉදිරි දිනවල දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

    පැයට කිලෝමීටර 100ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි මෙම දුම්රියක මගීන් 800කට ගමන් කළ හැකියි. මෙහි පළමු ඒකකය ඉන්දියාවේ චෙන්නායි වරායෙන් නැව්ගත කිරීමට නියමිතයි. මෙවැනි ඒකක 6ක් ඇණවුම් කර ඇති බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. එක් බලවේග කට්ටලයක් එංජින් දෙකකින් සහ මැදිරි 12කින් සමන්විතයි. ඉන්දියාවේ ප්‍රමුඛතම දුම්රිය එංජින් හා මැදිරි නිෂ්පාදකයෙකු වන අයිසීඑස් සමාගම විසින් මෙම බලවේග කට්ටලය නිපදවා තිබේ.

    මෙම දුම්රිය මැදිරි ජර්මනියේ එල් එච් බී දුම්රිය මැදිරි හා සමාන පෙනුමක් ලබා දෙනු ඇති බවයි, එම සමාගම පවසන්නේ. ප්‍රථම දුම්රිය කට්ටලය මේ වන විට චෙන්නායි වරායට ළගා වී ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ දී එය ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතයි.

    ප්‍රථම දුම්රිය කට්ටලය මෙරට තුළ පරීක්ෂණ ධාවන කටයුතු කර අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමෙන් අනතුරුව ඉතිරි කට්ටල මාස තුනකට පසු ආනයනය කිරීමට නියමිතයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...

    Ru News Alert Super 00238

    Last modified on බ්‍රහස්පතින්දා, 15 නොවැම්බර් 2018 08:49

    Latest News