ග්‍රීන්ලන්තය මිල දී ගැනීමේ ට්‍රම්ප්ගේ තැත

අගෝ 17, 2019

    ලොව විශාලත දූපත වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස ඉවත ලන බව ග්‍රීන්ලන්තය ඊයේ ප්‍රකාශ කළේය.

    ඇමරිකානු ජනාධිපති විසින් සිය උපදේශකවරුන් සමග ග්‍රීන්ලන්තය මිලදී ගැනීම සම්බන්ධයෙන් පෞද්ගලිකව සාකච්ඡා පැවැත්වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඊට ප්‍රතිචාරයක් වශයෙන් සිය රාජ්‍යය "විකිණීමට ඇතැයි" යන මතය මුළුමනින් ම ප්‍රතික්ෂේප කරන බව ග්‍රීන්ලන්තය නිවේදනය කර ඇත. ග්‍රීන්ලන්තයේ විදේශ කටයුතු අමාත්‍ය ඒන් ලෝන් බැගර් විදෙස් මාධ්‍ය හමුවේ අවධාරණය කළේ ව්‍යාපාර සඳහා සිය රාජ්‍යය විවෘත වන නමුත් කිසිවිටෙකත් ග්‍රීන්ලන්තය ලොව කිසිදු රටකට විකිණීමට අපේක්ෂා නොකරන බවයි.

    උතුරු අත්ලාන්තික් සාගර අතර පිහිටි ඩෙන්මාර්කයේ ස්වයං පාලන කොටසක් වන ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයේ ආර්ථික සහයෝගීතාව මත රඳා පතන රාජ්‍යයකි. තවද ඩෙන්මාර්කයේ දේශපාලනඥයින් විසින් ද මෙම මතය බැහැර කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    Last modified on සෙනසුරාදා, 17 අගෝස්තු 2019 20:27

    Latest News