පකිස්තාන හිටපු ජනපති සර්දාරි අත්අඩංගුවට

ජූනි 11, 2019

    පකිස්තානයේ හිටපු ජනාධිපති අෂීෆ් අලි සර්දාරි, අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ මුදල් විශුද්ධීකරණය පිළිබඳ නඩුවක් සම්බන්ධයෙන්. හිටපු ජනාධිපති සර්දාරි හා ඔහුගේ සහෝදරිය අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන්ගේ ඇප ඉල්ලීම ඉලාමාබාද් මහා අධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළේය. ඉන් අනතුරුවයි, හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ. අයථා ලෙස උපයා ගත් මුදල් ව්‍යාජ ගිණුම්වල සඟවා තැබීම සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

    දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති අෂිෆ් අලි සර්දාරි, මීට පෙර ද සිරගත කෙරිණ. 2008 වසරේ සිට 2013 දක්වා පකිස්තානයේ ජනාධිපතිවරයා ලෙස ඔහු ක්‍රියා කළේය.එම කාලය තුල දූෂණ රැසක් සිදුකර ඇති බවටයි, චෝදනා එල්ලවී ඇත්තේ. හිටපු ජනාධිපති අෂීෆ් අලි සර්දාරි, පකිස්තාන දෝශපාලනයේ වඩාත් මතභේදාත්මක චරිතයක් ලෙස සැලකේ.

    Last modified on අඟහරුවාදා, 11 ජූනි 2019 08:05

    Latest News