ගුවන් මගියෙකුට හදිසි දොර-වැසිකිලි දොරට මාරුවෙලා

ජූනි 10, 2019

    පකිස්ථාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක හදිසි පිටවීමේ දොරටුව අත්වැරදීමකින් විවෘත වීමෙන් ඇතිවීමට ගිය විශාල විනාශයක් වැලකී තිබේ.

    ගුවන් යානය තුළ දී මගියෙක් විසින් වැසිකිළි දොරටුව යැයි සිතා ගුවන් යානයේ හදිසි දොරටුව මේ ආකාරයෙන් විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

    මැන්චෙස්ටර් ගුවන් තොටුපලේ ගුවන් පථයෙන් මෙම PIA 702 නම් යානය පිටත් වීමට ආසනන්ව තිබී ඇත. මෙම සිදුවීම නිසා එය තුළ සිටි මගීන් 40 කට ආසන්න පිරිසක්  ගුවන් යානයෙන් ඉවත් කිරීමට සිදු වූ බව එම විදෙස් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි. බ්‍රිතානයේ මැන්චෙස්ටර් සිට පාකිස්ථානයේ ඉස්ලාමාබාද් බලා පියාසර කිරීමට නියමිතව තිබූ මගී ගුවන් යානය මෙලෙස හදිසි දොරටුව විවෘත වීම නිසා ගුවන් ගමන පැය 7ක් පමණ ප්‍රමාද වී තිබේ.

    පසුගිය සිකුරාදා සිදුවූ මෙම සිදුවීම හේතුවෙන් කිසිදු මගියෙකුට හානියක් සිදුවී නොමැත.

    Last modified on සදුදා, 10 ජූනි 2019 17:36

    Latest News