යුද ගැටුම් ඇති කලාපවල 5-1කට මානසික ආබාධ

ජූනි 12, 2019

    යුද ගැටුම් පවතින කලාපවල සෑම පුද්ගලයන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු මානසික ආබාධවලින් පෙළෙ බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    ඒ බව ප්‍රකාශ වූයේ ජිනීවාහි පැවති එම සංවිධානයේ මාධ්‍ය හමුවේදී. පුද්ගලයන්ගේ මනස බිඳ වැටීම, ව්‍යාකූලත්වය,සාංකාව,පශ්චාත් කම්පනයෙන් ඇතිවූ ආතතිය,ද්විපාර්ශ්වික ආබාධ හෝ උන්මාද තත්වයන්වලට ගැටුම් පවතින ප්‍රදේශවල සිටින පුද්ගලයන් ලක්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සේවා ඒජන්සිය ප්‍රකාශ කර ඇති පරිදි ඇෆ්ගනිස්තානය, දකුණු සුඩානය, ඉරාකය, සිරියාව, යේමනය වැනි රටවල යුද්ධයෙන් හටගත් අර්බුදයේ දිගු කාලීන බලපැම් ලෙස පුද්ගලයන් හට විවිධ මානසික රෝග තත්වයන් පවතින බවයි. රටවල් 39ක පුද්ගලයන් 129 දෙනෙකු හරහා කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම තත්වය වාර්තා වන බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. 1980 සිට 2017 අගෝස්තු දක්වා කාලසීමාව පරීක්ෂණයට ලක්ව තිබේ. 

     

     

    Last modified on බදාදා, 12 ජූනි 2019 08:53

    Latest News