මෙක්සිකෝ වෙළඳ සාකච්ජා ගැන ට්‍රම්ප් නොසතුටින්

ජූනි 06, 2019

    අමෙරිකාව එක්සත් ජනපදය සහ මෙක්සිකෝව අතර සිදුවන වෙළෙඳ සාකච්ජා පිළිබඳව තමා නොසතුටට පත්වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ මෙක්සිකෝවේ විදේශ අමාත්‍යවරයා, අමෙරිකාවේ සංචාරයක නියැලී සිටින අවස්ථාවේදී. ට්‍රම්ප් පරිපාලනය හා මෙක්සිකෝවේ විදේශ අමාත්‍ය මාසෙලෝ එබ්රාඩ් අතර සාකච්ජා අද දෙවන දිනටත් පැවැත්වේ. ඒ වොෂිංටන්හිදී. මෙක්සිකෝවේ සිට එන සරණාගතයින් නැවැත්වීමට මෙක්සිකෝ රජය ක්‍රියා නොකළහොත්, එහි සිට අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා 5%ක බද්දක් පනවන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

    එම බදු ලබන සඳුදා සිටයි ක්‍රියාත්මක වන්නේ. මෙක්සිකෝ රජයට ඒ පිළිබඳව පියවරක් ගැනීමට උවමනා නැති බව අමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කරයි. අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හා මෙක්සිකෝ විදේශ අමාත්‍යවරයා අතර සාකච්ජා ඊයේ පැවැත්විණ. මිනිත්තු 90ක කාලයක් පැවති එම සාකච්ජාවල දී කිසිඳු ගිවිසුමකට එළැඹී නැහැ.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 ජූනි 2019 08:45

    Latest News