ටජ් මහල් අභිබවා අහසනට නැගි කුණු කන්ද

ජූනි 05, 2019

    ඉන්දියාවේ උසම කුණු කන්ද ලබන වසර වන විට සුප්‍රකට ටජ් මහල් ගොඩනැගිල්ල අභිබවා අහසට නැගෙනු ඇතැයි, වාර්තා වෙයි.

    කුණු කන්ද පිහිටා ඇත්තේ, නවදිල්ලි අගනුවරට අයත් ගාසිපූර් ප්‍රදේශයේ. ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ලොව පාරිසරික වශයෙන් දූෂිතම අගනුවර බවට පත් වන බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. පාපන්දු ක්‍රීඩා පිටි 40ක පමණ වපසරියකින් යුත් මෙම කුණු කන්ද, මේ වන විට මීටර 65ක පමණ උසින් යුක්ත බව, නැගෙනහිර දිල්ලි ප්‍රදේශයේ ඉංජිනේරු අධිකාරීවරුන් පවසයි.

    එය ලබන වසර වන විට මීටර 73ක් උසැති ටජ් මහල ද අභිබවා යනු ඇති බවයි, වාර්තා වන්නේ. 1984 දී ආරම්භ කෙරුණු දිල්ලියේ ගාස්පූර් කුණු කන්ද, 2002 වසර වන විට එහි උපරිම ධාරිතාව ද ඉක්මවා ගොස් තිබේ. මේ වන විටත් දිනපතා ඊට ටොන් ගණනින් කුණු එකතු කෙරේ.

    Last modified on බදාදා, 05 ජූනි 2019 12:06

    Latest News