තෙරේසා මේ, පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වෙයි

ජූනි 07, 2019

    බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ, සිය කන්සවෙට්වි පක්‍ෂ නායකත්වයෙන් අද ඉවත් වූවාය.

    එහෙත්, අගමැති පදවිය සඳහා සුදුස්සෙකු තෝරා ගන්නා තෙක් ඇය අගමැතිවරිය ලෙස කටයුතු කරයි. තෙරේසා මේ අගමැතිනිය පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම මීට දෙසතියකට පෙර නිවේදනය කළාය. එය අද සිට බල පැවැත්වීමට නියමිතයි. පක්‍ෂ සම්ප්‍රදාය අනුව, අගමැති පදවිය දැරිය හැක්කේ කන්සවෙට්වි පක්‍ෂ නායකයාටයි. අදින් පසුව නව නායකයෙකු තෝරා ගැනීම සඳහා පක්‍ෂයට අවසර ලැබේ. පක්‍ෂ නායකත්වය සඳහා නාම යෝජනා බාරගැනීම සඳුදායින් අවසන් වේ. අනතුරුව, ඒ පිළිබඳ පාක්‍ෂික ඡන්ද විමසීම, මේ මස 13, 18, 19 හා 20 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

    Latest News