පකිස්තානය නව බ්ලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

මැයි 24, 2019

    පකිස්තානය නව බ්ලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.

    න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන සැතපුම් 1,500ක දුරක් ඊට ගමන් කළ හැකියි. ෂහීන් දෙක නමැති මිසයිලය ඊයේ අත්හදා බැලීය. මිසයිල අත්හදා බැලීමට අදාළ වීඩියෝවක් පකිස්තාන අන්තර් සේවා මහජන සබඳතා ආයතනය ඊයේ නිකුත් කළේය. පොළෙව මතුපිට ඉලක්කයක් වෙත ළගාවිය හැකි ෂහීන් දෙක මිසයිලය සාගරයේ ස්ථානයක් වෙත පතිතවී තිබේ.

    නව අත්හදා බැලීම උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් බවයි, පකිස්තාන බලධාරීන් පෙන්වා දෙන්නේ.

    Last modified on සිකුරාදා, 24 මැයි 2019 10:04

    Latest News