හැරී - මේගන් මව් පදවියට

මැයි 07, 2019

    බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ බිරිඳ සසෙක්ස් හී ආදිපාද මේගන් කුමරිය පිරිමි දරුවෙකු ප්‍රසූත කරයි.

    මව හා දරුවා ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව, රජ පවුල නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    කුමරු එරට වේලාවෙන් ඊයේ (06) උදෑසන 5.27ට උපත ලබා තිබේ.

    කුමරුගේ උපත් බර කිලෝග්‍රෑම් 3.26ක් ලෙස බකිංම්හැම් මාලිගය නිවේදනය කර ඇත.

    උපත ලද කුඩා කුමරු බ්‍රිතාන්‍යයේ ඔටුන්නට හිමිකම් කියන සත්වැන්නා වේ.

    චාල්ස් කුමරු, විලියම් කුමරු සහ ඔහුගේ දරු තිදෙනාවන ජෝර්ජ් හා ලුවී කුමාරවරුන්ට, චාලට් කුමරියට හා හැරී කුමරුට පසුව අලුත උපන් කුමරා ඔටුන්නට හිමිකම් කියනු ඇති.

    කෙසේ නමුත් දරු උපත පිළිබද වෙනත් රාජකීය දරු උපත් සමඟ ප්‍රකාශයට පත් කරන මූලික තොරතුරු මෙවර මාළිගයේ පිටත ප්‍රදර්ශනය කරන පුවරුවේ දක්නට නොලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    මීට පෙර වෛද්‍යවරයාගේ නම හා දරු උපත පිළිබඳ තවත් තොරතුරු අදාළ පුවරුවේ ප්‍රදර්ශනය කර තිබුණ ද මෙවර එවැන්නක් දක්නට නොලැබේ.

    මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හැරී කුමරු සදහන් කර ඇත්තේ, මේගන් සහ කුඩා කුමරු ඉතා හොඳින් සිටින බවත් කිසිදු දිනක හිතා ගත නොහැකි අන්දමේ පුදුම අත්දැකීමක් තමන් ලද බවත් ය.

    ඉදිරි දිනවල දී වැඩි විස්තර මාධ්‍ යහරහා බෙදා ගැනීමට සූදානම් බවත් මේ මොහොතේ මේගන් කුමරිය හා තමා ඉතා සතුටින් සිටින බවත් හැරී වැඩිදුරටත් සදහන් කර ඇත.

    Latest News