රුසියානු වෙනිසියුලානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

මැයි 06, 2019

    වෙනිසියුලාවේ තත්ත්වය පිළිබඳව එරට විදේශ අමාත්‍යවරයා සමඟ රුසියානු විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡා පැවැත්වේ.

    රුසියාවේ මොස්කව් නුවරදී එය පැවැත්විණ.

    ඇතැම් රටවල් වෙනිසියුලාවට බලපෑම් එල්ල කිරීමට උත්සහ කිරීම ඇතුළු එරට වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍ය Sergei Lavrov මහතා සහ වෙනිසියුලාවේ විදේශ ඇමති Jorge Arreaza මහතා එහිදී සාකච්ඡා කළේය.

    අන්‍යෝන්‍ය වශයෙන් විශ්වාස කළ හැකි හවුල්කරුවන් වන රුසියාව හා වෙනිසියුලාව විවිධ ප්‍රශ්න වලදී සමාන අදහස් දරන බව, රුසියානු උප විදේශ අමාත්‍ය Sergei Ryabkov මහතා සඳහන් කළේය.

    මේ අතර, අද (06) පින්ලන්තයේදී වෙනිසියුලාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමඟ රුසියානු විදේශ අමාත්‍ය Sergei Lavrov මහතා සාකච්ඡාවක් පවත්වනු ඇති.

    Latest News