පාස්කු ප්‍රහාරයෙන් මියගිය ඩෙන්මාර්ක් දරු තිදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ

මැයි 05, 2019

    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ දෙදෙනෙකු සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අතර එම ප්‍රහාර මෙහෙයවූ සහරාන් හෂීම්ගේ ඥාති සහෝදරයෙකු වූ මව්ලානා රිලා ද වන බව, මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

    මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය ඩෙන්මාර්කයේ පොහොසත්ම පුද්ගලයා වන බිලියනපති ආන්ද්‍රේස් හොල්ච් පෝවුල්සන්ගේ දරුවන් තිදෙනාගේ අවසන් කටයුතු ඊයේ සිදු කෙරිණ. පුත්‍රයා සහ දියණියන් දෙදෙනා ප්‍රහාරයෙන් මිය ගියේය. ඔවුන්ගේ අවසන් කටයුතු පිලිබඳ ආහූස් දේවස්ථානයේ පැවති දේව මෙහෙයට ඩෙන්මාර්ක් රාජකීය පවුල, අග්‍රාමාත්‍ය ලාස් ලොක්කේ රාස් මුසෙන් ද එක්වූහ.

    විලාසිතා ක්‍ෂෙත්‍රයේ දැවැන්තයෙකු හා ස්කොට්ලන්තයේ විශාලතම පෞද්ගලික ඉඩම් හිමිකරු ලෙස සැලකෙන ඩෙන්මාර්කයේ බිලියනපති ආන්ද්‍රේස්, ඔහුගේ බිරිඳ ඈන් හා ජීවත්ව සිටින එකම දියණිය ඇස්ට්‍රිඩි, මියගිය පිරිසට සමුදුන්නේ දැඩි සංවේගයෙන්.

    Latest News