දූරියන් කාලා රියපදවන්නේ නම් බලාගෙනයි

මැයි 03, 2019

    පුම්බන බැලුමට වැරදී බීමතින් රියපැදවීමට අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර යැවීමේ පුවතක් චීනයෙන් වාර්තාවේ.

    ස්ථානීය ස්වසන පරීක්ෂාවේදී (බැලූන පරීක්ෂාවේදී) පෙන්නුම් කර ඇත්තේ මෙම චීන ජාතිකයා බීමතින් සිට ඇති බවයි. නමුත් ඔහු ඒ අවස්ථාවේදී තරයේ ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිදු ඇල්කොහොල් ආශ්‍රිත පානයක් පානය නොකළ බවත් දූරියන් පලතුර මදක් වැඩියෙන් ආහාරයට ගත් බවත් ය.

    ස්ථානීය ස්වසන පරීක්ෂාවට පසුව කෙරෙන රුධිර සාම්පල පරීක්ෂාවේදී ඔහු එයින් සමත්ව තිබෙන්නේ ඔහුගේ රුධිරයේ අනවශ්‍ය ප්‍රමාණයකින් ඇල්කොහොල් අඩංගු නොවුන බැවිනි.

    එම සිදුවීමෙන් පසුව පොලිස් නිලධාරීයෙකු යොදා දූරියන් පලතුර කෑමෙන් පසු කරන ලද ස්වසන පරීක්ෂාවේදී එයින් දක්වා ඇත්තේ ඔහු ඇල්කොහොල් භාවිත කර ඇති බවයි. එසේම ඔහුගේ රුධිර සාම්පල පරීක්ෂාවේදී වාර්තා වුයේ ඇල්කොහොල් සාන්ද්‍රනය මිලිලීටර් 100 ට මිලිග්‍රෑම් 36 ක් වූ බවයි. ඉන්පසු මිනිත්තු 3ක් එම පොලිස් නිලධාරීයා විවේක ගන්වා කරන ලද ස්වසන පරීක්ෂාවේදී එය දක්වා ඇත්තේ ඇල්කොහොල් බාවිතා කර නොමැති බවයි.

    මෙම සිදුවීමෙන් පසු ඔවුන් නිවේදනය කර ඇත්තේ දූරියන් පලතුර ආහාරයට ගැනීමෙන් පසු සහ ඇතැම් මුඛ පිරිසිදු කාරක භාවිතයෙන් පසු රිය පැදවීමෙ දී සැලකිළිමත්වන ලෙසටයි.

    Last modified on සිකුරාදා, 03 මැයි 2019 15:59

    Latest News