වජිරාලොන්ග්කෝර්න් රජතුමා ආරක්ෂක නිලධාරිනියගේ අතගනී

මැයි 03, 2019

    තායිලන්තයේ මහා වජිරාලොන්ග්කෝර්න් රජතුමා සිය පෞද්ගලික ආරක්ෂක බලකායේ නියෝජ්‍ය ප්‍රධානී සුතිදා තිද්යායි සමග විවාහ වූ බව එරට රජ මාලිගය නිවේදනය කරයි.

    මහා වජිරාලොන්ග්කෝර්න් රජතුමාගේ පදවි ප්‍රාප්තිය චාරිත්‍රානුකූලව තහවුරු කෙරෙන මෞලි මංගල්‍යය ලබන සෙනසුරාදා ආරම්භ වීමට නියමිතව තිබියදී මෙම හදිසි නිවේදනය රජ මාලිගය විසින් සිදුකර ඇති බව වාර්තා වේ.

    තායිලන්තයේ වඩාත් ජනප්‍රියතම රජතුමා වූ භූමිබෝල් අදුල්යාදේජ් රජු පසුගිය 2016 වසරේදී සිය දිවියෙන් සමුගත අතර, පසුව මහා වජිරාලොන්ග්කෝර්න් රජු සිහසුනට අනුප්‍රාප්ත විය.

    තායිලන්තයේ පක්ෂ දේශපාලනයට ඉහළින් ක්‍රියාත්මක වෙන තායිලන්ත රාජ්‍යත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සංස්ථාපනය කරන ලද ආයතනයක් වන අතර, පාරම්පරිකව උරුම වූ පදවියකි.

    කෙසේ වෙතත්, 66 වැනි වියෙහි පසුවන වත්මන රජතුමා මීට පෙර අවස්ථා තුනකදී විවාහ වී දික්කසාද වූවෙකි.

    ඔහුට එම විවාහ වලින් මේ වනවිටත් දරුවන් 7 දෙනෙකු සිටී.

    Latest News