බුර්කාව - ශ්‍රී ලංකාව ගත් තිරණයට ඉන්දියාවත් අත තියයි

මැයි 03, 2019

    බුර්කාව පැළඳීම තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් පියවර ඉන්දීය රජය ද අනුගමනය කළ යුතු බව, ඉන්දීය ශිව්සේනා සංවිධානය පවසයි.

    ඒ අනුව එම සංවිධානය විසින් එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් කර ඇත.

    පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව තුළ සිදුවූ ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි මුහුණු ආවරණය තහනම් කිරීමට ගත් පියවර ඉතා ප්‍රශංසනීය බව එම පක්ෂය පවසයි.

    ඒ අනුව ඉන්දීය රජය ද මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු බව, ශිව්සේනා සංවිධානය පෙන්වා දේ.

    යම් ආගමික සම්ප්‍රදායක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සේ පැවතියහොත් එය අවසන් කිරීමට රජය පියවර ගත යුතු බවට එම සංවිධානය වැඩිදුරටත් පවසා ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි.

    Last modified on සිකුරාදා, 03 මැයි 2019 10:59

    Latest News