ජයිෂ්-ඉ-මොහොමඩ් නායක UN ත්‍රස්ත ලැයිස්තුවට..... චිනයේ සහයත් හිමිවේ

මැයි 03, 2019

    ජයිෂ්-ඉ-මොහොමඩ් සන්නද්ධ සංවිධානයේ නායක මසූඩ් අස්හාර් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර තිබේ.

    කාශ්මීරයේ ඉන්දීය පාලනයේ පවතින ප්‍රදේශය තුළ ප්‍රහාරයක් එල්ල කරමින් ඉන්දීය ආරක්ෂක අංශ නිලධාරීන් 40කට මරු කැඳවූ මසූඩ්, පාකිස්තානයේ ජීවත් වේ.

    පසුගියදා එල්ල වූ මෙම ප්‍රහාරය ඉන්දියාව හා පාකිස්තානය අතර යුද්ධයක් ඇතිවීම දක්වා දුරදිග ගියේය.

    මොහු ත්‍රස්තවාදියකු ලෙස නම් කිරීම සඳහා මීට පෙර කිහිප අවස්ථාවකදීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී උත්සාහ කළත්, ඒ සඳහා චීනය මැදිහත්ව එය වැළැක්වීය.

    විශේෂයෙන්ම, චීනය සහ පාකිස්තානය අතර පවතින සබඳතා මීට හේතු විය.

    නමුත්, චීනය මෙවර සිය බාධා කිරීම් ඉවත්කර ගැනීමත් සමග මොහු ත්‍රස්තවාදියකු ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හැකි වී තිබේ.

    Last modified on සිකුරාදා, 03 මැයි 2019 11:01

    Latest News