රුසියා සහ අමෙරිකා විදේශ ඇමතිවරුන් වෙනිසියුලාව ගැන හොයයි

මැයි 03, 2019

    වෙනිසියුලාවේ වත්මන් තත්වය පිළිබඳව රුසියා සහ අමෙරිකා විදේශ ඇමතිවරුන් අතර දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ.

    රුසියානු විදේශ ඇමති Sergei Lavrov  අමෙරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo  සමඟ වෙනිසියුලාවේ තත්වය පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇත.

    අමෙරිකාවේ ප්‍රසිද්ධ සහයෝගය යටතේ වෙනිසියුලානු විපක්ෂය එරට පාලනය ලබා ගැනීමට උත්සාහ ගැනීම පිළිබඳව Lavrov මහතා අමෙරිකාවේ ආරාධනයෙන් මෙම සාකච්ඡා පවත්වා ඇතැයි, රුසියානු විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

    ස්වෛරී රටක් වන වෙනිසියුලාවේ අභ්‍යන්තර කටයුතු වලට අමෙරිකාව මැදිහත් වන අතර, එරටේ නායක මට්ටමට තර්ජනය කර තිබේ.

    මෙම ක්‍රියාවලිය ජාත්‍යන්තර නීතියට දැඩි එරෙහි වීමක් බවත් මෙම මැදිහත් ක්‍රියා අඛණ්ඩව ක්‍රියත්මක කළහොත් බරපතල ප්‍රතිවිපාක සිදු වනු ඇති බවත් රුසියාව පෙන්වා දේ.

    අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ තොරතුරුවලට අනුව, Pompeo එහිදී පවසා ඇත්තේ, ‍මෙම ගැටළුවට රුසියාව මැදිහත් වුවහොත් වෙනිසියුලාව වඩා කැලඹීම් තත්වයකට පත් වනු ඇති බවයි.

    මෙමඟින්අමෙරිකාව හා රුසියාව අතර සම්බන්ධතාවට බලපෑම් සිදු වනු ඇතැයි, ඔහු පවසා ඇත.

    Latest News