අමෙරිකානු ජනපතිගේ බලපෑම් නොතකා මහබැංකුව පොළී අනුපාත ඉහළ දමයි

මැයි 03, 2019

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් එල්ල වන බලපෑම් නොතකා පොලී අනුපාත වෙනස් නොකිරීමට ඇමරිකානු මහබැංකුව තීරණය කරයි.

    අමෙරිකානු මහබැංකුව හෙ‍වත් ෆෙඩරල් සංචිතයේ ෆෙඩරල් විවෘත වෙළදපළ කමිටුව හා ෆෙඩරල් ප්‍රතිපත්ති සම්පාදක කමිටුව මේ තීරණය ගෙන ඇත්තේ, දින දෙකක් පුරා පැවති ප්‍රතිපත්ති රැස්වීමෙන් අනතුරුවයි.

    රැස්වීමෙන් අනතුරුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ෆෙඩරල් අරමුදල් අනුපාතය සියයට 2.25ත් - 2.5 ත් අතර පරාසයක පවත්වාගෙන යාමට එහිදී තීරණය කළ බවය.

    පළමු කාර්තුවේ කුටුම්භ වියදම් වර්ධනය වී ව්‍යාපාරික ස්ථිර ආයෝජන පහළ ගිය ද මාර්තු මාසයේ සිට ශ්‍රම වෙළදපොළ තවදුරටත් ශක්තිමත් වන බවත්, ආර්ථික ක්‍රියාකාරකම් ස්ථීර වර්ධනයකින් ඉහළ යන බවත් අමෙරිකානු මහබැංකුව සඳහන් කර සිටී.

    නමුත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි ස්ථාවරය වුයේ පොලී අනුපාත අඩු කරමින් ආර්ථික වර්ධනය ඉහළ නැංවිය යුතු බවටයි.

    පොලී අනුපාත ඉහළ දැමීමට අමෙරිකානු මහ බැංකුව ගත් තීරණය ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති බව ද පැවසේ.

    Latest News