වෙනිසියුලාවේ අර්බුද උග්‍ර අතට

මැයි 02, 2019

    වෙනිසියුලාවේ අර්බුදය තවදුරටත් උග්‍ර අතර හැරී තිබේ.

    විරුද්ධ පාක්ෂික උද්ඝෝෂකයන් සහ රජයේ හමුදා අතර ගැටුම් අද දිනයේත් ඇතිවී තිබෙන බවයි, වාර්තා වන්නේ. විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝගේ ඉල්ලීම පරිදි විරුද්ධ පාක්ෂිකයන් තවදුරටත් උද්ඝෝෂණවල නිරතව සිටියි. වෙනිසියුලානු රජය බිඳ දැමීම සඳහා එරට විපක්ෂ නායකවරයා සිදුකළ කුමන්ත්‍රණය සාර්ථක ලෙස පරාජයට පත්කළ බව ජනාධිපති නිකොලස් මදුරෝ පසුගියදා ප්‍රකාශ කළේය. දැනට පවතින උද්ඝෝෂණ ඇතිවීමට හේතුව මෙය බවයි වාර්තා වන්නේ.

    මේ අතර ජනාධිපතිවරයාට සහාය පළ කරමින් උද්ඝෝෂණ ද පැවැත්වෙයි. ජනාධිපති මදුරෝ කියා සිටියේ, අමෙරිකාව තම ආණ්ඩුව පෙරළා දැමීමට සෘජුවම සම්බන්ධ වී සිටින බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 10:31

    Latest News