චීන - රුසියා ඒකාබද්ධ යුද්ධ අභ්‍යාසයක්

මැයි 02, 2019

    චීනය හා රුසියාව ඒකාබද්ධ යුද්ධ අභ්‍යාසයක් පවත්වා තිබේ. එය නම් කර තිබෙන්නේ, ජොයින්ට් සී-2019 නමින්. නැගෙනහිර චීනයේ ෂැන්ඩොංග් පළාතේ ෂින්ඩාවෝ නගරය ආසන්න මුහුදේ දී සහ ගුවනේ දී මෙම යුද අභ්‍යාසය පවත්වා තිබේ.

    සබ්මැරීන 2ක්,නෞකා 13ක් හා ගුවන් යානා කිහිපයක් මීට එක්ව ඇති බවයි, වාර්තා වන්නේ. යුද,ගුවන්,නාවික විෂය පථයන් 10ක් ආවරණය වන පරිදි මෙම යුද අභ්‍යාසය පවත්වා තිබේ. ඒකබද්ධ සබ්මැරින මුදවා ගැනීම්, සබ්මැරීන හා ගුවන් යානා මුදවාගැනීම්,නවීන ආරක්ෂක උපක්‍රම බිඳ දැමීම ඇතුළු යුද ක්ෂේත්‍ර ගණනාවක් මීට ඇතුළ.

    ඒකාබද්ධ මුහුද සීමාවන් ආරක්ෂා කිරීම හා තෙවන පාර්ශවයකින් එල්ල වන තර්ජනවලට චීනය හා රුසියාව එක්ව කටයුතු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව පුහුණුවීම යුද අභ්‍යාසයේ අරමුණයි. පසුගිය අප්‍රේල් 29 වැනිදා ආරම්භ වූ යුද අභ්‍යාස ලබන 4 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 09:43

    Latest News