ජනපති අද ඉන්දියාවට

දෙසැ 15, 2024

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දහවල් සිය තෙදින ඉන්දීය නිල චාරිකාව සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

    ඒ ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ඇරයුමකට අනුවයි.

    අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදුකරන පළමු විදේශ සංචාරය මෙයයි.

    ඔහු, එම සංචාරය අතරතුරදී ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු මහත්මිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා අනෙකුත් ඉන්දීය අමාත්‍යවරුන් සමග අන්යෝන්‍ය වශයෙන් සාකච්ඡා පවත්වනු ඇති.

    සංචාරයෙන්, දෙරට අතර දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙනවා.

    මේ අතර, ඉන්දියානු විදේශ අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දිල්ලියේදී ව්‍යාපාරික හමුවකට හා ආයෝජන සහ වෙළඳ අංශවල නිලධාරීන් සමග ද සාකච්ඡා කිරීමට නියමිත බවයි. අනතුරුව, දිසානායක මහතා ඵෙතිහාසික බුද්ධගයාව සිද්ධස්ථානය වැඳපුදා ගැනීමට ද නියමිතයි.

    Latest News